Sunday, May 19, 2024

General line - 0115112241

හමුදා සෙබලුන් දෙදෙනෙකු යට කොට කැබ් රථයක් පලා යයි

දිනසේන රතුගමගේ/ මාධව කුලසූරිය




නීති විරෝධී දැව තොගයක් පටවා ගෙන ගිය කැබ් රථයක් 17 දා වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවථාවේදී එහි රියදුරා හමුදා මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද කැබ් රියේ හප්පා පලා යමින් සිටියදී එය අනතුරකට ලක් ව තිබෙනවා.

කැබ් රථයේ ගැටුණු යුද හමුදා සෙබළුන් දෙදෙනා තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති බව සඳහන්.

එම කැබ් රථයේ අනවසරයෙන් කපන ලද බුරුත කදන් 16 ක් තිබී ඇති අතර ඒවා යුද හමුදාවට කොටු වේ යැයි යන බිය නිසා රියදුරා කැබ් රථයේ හමුදා සෙබලුන් දෙදෙනා හප්පවා පලා ගොස් තිබෙනවා.

කැබ් රථය හමුදා මාර්ග බාධකයේද ගැටීම නිසා මාර්ග බාධකයටද හානි සිදුව ඇත.

හමුදා සෙබළුන් දෙදෙනා කැබ් රථයේ හප්පවා එය අධිකවේගයෙන් ධාවනය කරමින් තිබියදී කැබ් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක වැදී අනතුරකට ලක් වීමෙන් පසුව නතර වී තිබෙනවා.

කැබ් රථය පැද වූ පුද්ගලයා එය එම ස්ථානයේම කැබ් රථය දමා පලා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා යුද හමුදාව හා ඕමන්ත පොලීසිය පියවර ගෙන ඇත.