Sunday, May 19, 2024

General line - 0115112241

බීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්




බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට අද දහවල් සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලීසිය පවසනවා. එම මෙහෙයුම හෙට උදෑසන 6 දක්වා සිදුකරන ලෙසට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර ඉකුත් දින පහක කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පනස් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.