Sunday, May 19, 2024

General line - 0115112241

කොළඹ වරාය නගරයට පැමිණෙන ආයෝජකයින් හරවා යැවීමට අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අධිකරණ ඇමති කියයි




කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ විදෙස් බලවේගවල අවශ්‍යතාවය මත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සදහා පැමිණෙන ආයෝජකයන් වෙනත් රටවල් සදහා යොමු කිරීමට එලෙස අසත්‍ය ප්‍රචාර පතුරවන බවයි අධිකරණ අමාත්‍යවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

කොළඹ වරාය නගරයට අයත් සම්පූර්ණ භූමියේ අයිතිකරුවන්නේ ශ්‍රී ලංකාව බවත් කිසිදු විදේශිකයෙකුට එම භූමියෙන් කොටසක් හෝ ලබාදී නොමැති බවත්  අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.