Sunday, May 19, 2024

General line - 0115112241

දෙනිපිටියේ ගසක් කඩා වැටීමෙන් වැලිගම - අකුරැස්ස මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා




දෙනිපිටිය ප්‍රදේශයේ විශාල ගසක් කඩාවැටිමෙන් වැලිගම - අකුරැස්ස මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම ගස කඩා වැටී පැය 4 කට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් එය මාර්ගයෙන් ඉවත් කර නොමැති බවයි.

ගස කඩා වැටීම හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට මෙන්ම දුරකථන රැහන් පද්ධතියකටද හානී සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.