Sunday, May 19, 2024

General line - 0115112241

හෙරොයින් ග්‍රෑම් 500ක් සමග යුවලක් අත්අඩංගුවට




හෙරොයින් ජාවාරමේ නිරත වූ යුවලක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 500ක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

33 හැවිරිදි සැකකාරිය නෝනාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර  සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.