Sunday, May 19, 2024

General line - 0115112241

මියන්මාර අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 12 දෙනාට නිදහස




මියන්මාර අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 12දෙනා නිදහස් කර තිබෙනවා. ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ඉකුත් ජනවාරි මාසයේදී ධීවර කටයුතු සඳහා මෙම ධීවරයින් පිරිස පිටත්ව ගොස් තිබුණා.

මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් එරට නාවික හමුදාව විසින් එම ධිවරයින් ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගැණුනා.

පසුව එම ධිවරයින් බන්ධනාගාරගත කරන ලෙසට එරට අධිකරණය විසින් නියෝග කළ බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ.

එලෙස නිදහස හිමිවූ ධීවරයින් දිවයිනට රැගෙන ඒමට නියමිතයි.