Sunday, May 19, 2024

General line - 0115112241

මත්පැන් විස වීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරුට




මත්පැන් විස වීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගලෙන්බිඳුණු වැව බණ්ඩාරගම රත්මල්වැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

නිවසේ පැවැත්වූ මත්පැන් සාදය අතරතුර පුද්ගලයින් තිදෙනාම සිහිසුන්ව ඇද වැටි ඇති අතර යකල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

බරපතල තත්ත්වයේ පසුවූ අනෙක් පුද්ගලයා යකල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

වයස අවුරුදු 36ක් සහ 53ක් වන පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.