Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි - යුද හමුදාපති




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

මෙරටින් හඳුනා ගැනෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා. 

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ රාත්‍රියේ සිට හුදකලා කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.