Sunday, May 19, 2024

General line - 0115112241

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හතරවන දිනටත්




පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්, 04 වන  දිනටත් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රධාන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා  යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා පාර්ශවයන් 19 ක් විශේෂ පෙත්සම් කිහිපයක් ගොණු කළා.

අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් 11 ක් අතරමැදි පාර්ශවයන් ලෙසට පනත් කෙටුම්පතට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.