Sunday, May 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනයේ යෙදෙන පිරිස් සොයා තව දුරටත් මෙහෙයුම්




මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනයේ යෙදෙන පීරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම පරීක්‍ෂා කිරීම්වලට අදාළ උපකරණ කඩිනමින් ආනයනය කිරීමට නියමිත බවයි.  

මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර රිය ධාවනය කරන පුද්ගලයන්ට හිමිවන දඩුවම් සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.