Monday, May 20, 2024

General line - 0115112241

බස්නාහිරට තද වැසි - මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක්




පවතින වර්ෂාවත් සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු පවසනවා.

ඒ අනුව බත්තරමුල්ල, රාජගිරිය ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.