Sunday, May 19, 2024

General line - 0115112241

බස්නාහිර පලාත තුල කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානම ඉහලට : ආසාදිතයින් 373 දෙනෙක් වාර්තා වේ




ඊයේ දිනයේදී මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 672 දෙනෙකු ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 192 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ පාදුක්ක 36, පොල්ගස්ඕවිට 21ක්, කැස්බෑව 20ක්, මිරිහාන 14ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 29 දෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් ආසාදිතයින් 23 දෙනෙකු දකුණු කළුතරින් සහ 21ක් දෙනෙකු බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇත. කුලියාපිටිය ප්‍රදේශයෙන් 35ක්, උඩුබද්දාව ප්‍රදේශයෙන් 14ක් සහ පන්නල ප්‍රදේශයෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇත.

මීට‍ අමතරව පුත්තලම 39, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක්, මොණරාගල 05ක්, මාතර 13ක්, කෑගල්ල 4ක්, අනුරාධපුර 15, ත්‍රිකුණාමලය 07, මුලතිව් 01, නුවරඑළිය 05, හම්බන්තොට 16, මහනුවර 15, යාපනය 12, මාතලේ 07, පොළොන්නරුව 07, කිලිනොච්චි 07ක් සහ විදේශගතව සිට පැමිණි 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 98,721ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,204ක් වනවා.