Monday, May 20, 2024

General line - 0115112241

රටතුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගුරුවරුන් සහ මවුපියන්ට විශාල වගකීමක්




රටතුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගුරුවරුන් සහ මවුපියන්ට විශාල වගකීමක් පැවරී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පැවසුවේ රජය සහ සෞඛ්‍ය අංශ කොරෝනා මර්දන කටයුතු සදහා ගෙන යන වැඩපිළිවෙළ සමග ජනතාව ද ආකල්පමය වශයෙන් එක්විය යුතු බවයි.

නීතිරීතිවලින් පමණක් ගෝලීය වසංගත තත්වයක් මැඩපැවැත්විය නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම හා මීටරයක පරතරය පවත්වා ගැනීම යන මූලික සෞඛ්‍ය රීති මේ මොහොතේ දැඩිව ආරක්ෂා කිරීම අතිශය වැදගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.