Saturday, May 11, 2024

General line - 0115112241

ඔක්සිජන් හිඟවී ඉන්දියාවේ කොවිඩ් රෝගීන් රැසක් මියයයි : ගතවු පැය 24 තුලදී ලොවපුරා ආසාදිතයින් ලක්ෂ 09 කට ආසන්න වෙයි




ඔක්සිජන් හිඟවීම හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවර, ජායිපුර් හි පිහිටි රෝහලක කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම රෝහලට ඉන්දීය රජය විසින් ඊයේ සවස 5.00 වන විට ඔක්සිජන් සැපයුම් ලබාදෙන බවට දැනුම් දී තිබුනත් එය ලඟා වන විට මධ්‍යම රාත්‍රිය ආසන්න වී තිබු බවයි ජායිපුර් රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. 

මේ හේතුව නිසා කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවත් ඉතා අසාධ්‍ය මට්ටමේ පසුවන තවත් රෝගීන් 215 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනය හමුවේ ඉන්දියාවේ පවතින ඔක්සිජන් හිඟයට පිලියමක් වශයෙන් ජංගම ඔක්සිජන් උත්පාදන කට්ටල 23 ක් ජර්මනියේ සිට ගුවන් මගීන් රැගෙන ඒමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

මෙම ජංගම ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර මගීන් මිනිත්තුවකදී ඔක්සිජන් ලීටර් 40ක් උත්පාදනය කිරීමේ හැකියාව ඇති අතර, මෙම යන්ත්‍ර දිල්ලි සහ මහාරාෂ්ඨය වෙත ලබා දීමටයි ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත්තේ.

දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී ලොවපුරා කොවිඩ් ආසාදිතයින් 897,033ක් සහ මරණ 14,218ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර ගතවූ පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 345,147ක් සහ මරණ 2,621ක් වාර්තා වී තිබෙනවා. දිනක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදීතයින් සහ මරණ සංඛ්‍යාව මෙය වනවා. ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ රැසකට හේතුව වී ඇත්තේ එරට රෝහල්වල පවතින ඔක්සිජන් හිඟකම බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව බ්‍රසීලයෙන් ද කොවිඩ් මරණ 2,866ක් සහ ආසාදිතයින් 65,971ක් වනවා.