Saturday, May 4, 2024

General line - 0115112241

වසංගතයෙන් පීඩා විදින ජනතාවට සහය වෙන්න ඉඩ දෙන්න : ගිලන් රථ 50ක් හිමි පාකිස්ථාන ජාතිකයෙක් ඉන්දීය අගමැතිට ලිපියක් යවයි (PHOTOS)




පාකිස්ථානයේ කරච්චි නුවර ගිලන් රථ සේවයක් පවත්වාගන යනු ලබන ෆයිසාල් එඩී නම් ස්වේච්ජා සංවිධාන හිමිකරුවෙක් විසින් තමන් සතු ගිලන් රථ 50ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉන්දීයානු ජනතාවට සහයක් වශයෙන් එරටට ලබා දීමට අවසර ඉල්ලමින් අගමැති නරේන්ද්‍ර මෝදී වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

" ඉන්දියාවේ වත්මන් වසංගත තත්ත්වය ගැන කණගාටුයි. අපට කිසිදු ගෙවීමක් හෝ ආහාර, ඉන්ධන අවශ්‍ය වන්නේ නැහැ. අපේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලු පහසුකම් අප විසින්ම ලබා දෙනවා. අපේ ගිලන් රථ රියැදුරන්, වෛද්‍ය සහයකයින්, සහයක කාර්ය මණ්ඩලය මෙවැනි අවස්ථාවන් සඳහා මුහුණදීමට සුදානම්.

අපට අවශ්‍ය වන්නේ ඉන්දියාට ඇතුළුවීමට අවසරය පමණයි. එමෙන්ම ඔබලා කියන ඕනෑම ස්ථානයක සේවය කිරීමට අප සුදානම්. ඒ සඳහා අප සම්බන්ධ විය යුතු පොලිසියක් හෝ රෝහලක් පමණක් අපිට දැනුම් දෙන්න" යැයි ෆයිසාල් එම ලිපිය මගින් ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ෆයිසාල් එඩී ගේ පියා " අබ්දුල් සත්තාර් එඩී" වන අතර ඔහු පාකිස්ථානයේ මදර් තෙරේසා යනුවෙන් ප්‍රසිද්ධ ස්වේච්ජා සේවකයෙක් වනවා. ඒ පාකිස්ථානයේ අසරණ ජනතාව වෙනුවෙන් ඉතා දුෂ්කර මෙහෙයක් ඉටු කිරිම නිසාවෙන්. 

මේ වන විට ෆයිසාල් එඩි සිය පියාගේ අඩි පාරේ යමින් ස්වේච්ජාවෙන් පාකිස්ථානයේ අසරණ ජනතාවට සිය සේවය සපයමින් සිටිනවා.