Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා මැද ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේදී ඇරඹෙයි




93 වන ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ශවත් අයුරින් පැවැත්වුනා. ඒ, අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදීයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම චිත්‍රපට අධ්‍යෂණය හා හොඳම නිලිය යන කැපී පෙනෙන සම්මාන ත්‍රිත්වයම එකම චිත්‍රපටයකට හිමිවුණා. ඒ, අමෙරිකාවේ නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයටයි. 

හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයේ අධ්‍යෂිකා ක්ලෝයි ෂාඕ, ඔක්සාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ වාර්තාවක් ද තබමින්. 

ඒ, ඔස්කාර් සම්මාන උලෙලකදි හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් වූ සම්මානය දිනාගත් දෙවන කාන්තාව ලෙසයි. චීනයේ උපත ලබා ඇති ක්ලෝයි ෂාඕ, එංගලන්තයේ අධ්‍යාපන හදාරා පසුව අමෙරිකාවට පැමිණ තිබෙනවා. මෙවර හොඳම චිත්‍රපට නිළියට හිමි සම්මානය දිනාගත්තේ නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයේ රංගන කුසලතාව වෙනුවෙන් ෆ්රාන්සස් මැක්ඩොමන්ඩ්. 

හොඳම නළුවාට හිමි සම්මානය “ද ෆාදර්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇන්තනි හොප්කිංස්ට හිමිවුණා.