Saturday, May 4, 2024

General line - 0115112241

"මිනිස් සිරරූ දැවෙද්දී නීරෝ දේශපාලන රැස්වීමවල කාර්ය බහුලයි" : ඉන්දීය අගමැතිට එරෙහිව නැගෙන විරෝධය පාලනයට ට්විටර් ආයතනය පියවර ගනියි (PHOTOS)




ඉන්දියාව මුහුණ පා සිටින කොරෝනා වෛරස වසංගත තත්ත්වය සහ ඊට නිසි ලෙස එරට රජය ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් එරට ජනතාවගෙන් මේ වන විට දැඩි අප්‍රසාධයක් එල්ල වෙමින් තිබෙනවා.

අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එල්ලවී ඇති දැඩි ජනතා අප්‍රසාධය හේතුවෙන් එරට බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා රජය විවේචනයට ලක් කිරිමට ආරම්භ වීමත් සමග එම සටහන් වාරණයට ලක් කිරිමට ඉන්දීය රජය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රජයේ ඉල්ලීම පරිදි ට්විටර් සමාජ මාධ්‍ය අඩවිය විසින් අග්‍රාමාත්‍ය මෝදී ප්‍රමුඛ රජය ඉලක්ක කර ගනිමින් පළකොට තිබු ටිවිට්ර් සටහන් රැසක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි the verge වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් දෙදෙනෙක්, ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ බටහිර බෙංගාලයේ අමාත්‍යවරයෙකු විසින් අග්‍රාමාත්‍ය මෝදී ඇතුළු රජය විවේචනය කරමින් පළකර තිබු ට්විටර් සටහන් මෙලෙස ඉවත් කිරීමට ට්විටර් ආයතනය පියවර ගෙන තිබුණා.

" මළ සිරුරූ ආදාහනය කරද්දී දේශපාලන රැස්වීම පවත්වමින් නීරෝ කාර්යබහුලවී සිටියි" යනුවෙන් ඇතැම් ඉන්දීය ජාතිකයින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත සිය අප්‍රසාදය පළකර තිබුණ අයුරු දක්නට ලැබුණා.