Saturday, May 4, 2024

General line - 0115112241

දකුණු ආසියාවේ කෝවිඩ් රැල්ල පකිස්තානයත් ගිල ගන්නා ලකුණු




මේ වනවිට ඉන්දියාව,ශ්‍රී ලංකාව, බංගලාදේශය වැනි දකුණු ආසියානු රටවල පැතිරයන කෝව්ඩ් රැල්ල පකිස්තානයද ගිලගන්නා ලකුණු මතුව ඇතැවි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එරට කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ අටක් සම මරණ සංඛ්‍යාව දහහත් දහසක් වුවත් සැබෑ අගයන් ඊට වඩා බෙහෙවින් වැඩි බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

සාමාන්‍යයෙන් පකිස්තානයේ කෝවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින අතර ධනාත්මක වීමේ ප්‍රතිශතය සියයට දහය ඉක්මවා ඇතැයි සදහන් වේ.

මෙි අතර පකිස්තානයේ ද ඇතැම් පළාත්වල ඔක්සිජන් හිගයක් මතුවීමේ අවදානමක් මතුව ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙි තත්වය තුළ එරට ප්‍රදේශ ගණනාවක පාසල් වසා දමා ඇති අතර නගර රැසක්ම අගුලු දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.