Friday, May 3, 2024

General line - 0115112241

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න : ඉන්දියාවේ සිටින අමෙරිකානුවන්ට උපදෙස් 




හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ඉන්දියාව තුල දිනෙන් දීන තුල ඉහළ යමින් තිබෙන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින්ය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට 04 වන අදියරේ සංචාරක උපදේශකයක් විසින් නිකුත් කර ඇත. 

දෛනිකව ඉන්දියාවේ සිට අමෙරිකාවට ගුවන් ගමන් 14ක් සිදුකරන අතර යුරෝපා ගමනාන්ත කිහිපයකට ද ගුවන් ගමන් සිදුකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත.

මේ අතර ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 3,79,257 දෙනෙක් වාර්තා වී තිබෙන අතර මරණ 3,645ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 1.83 ඉක්මවා ගොස් ඇත.