Wednesday, May 15, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිමුත් සහ ලහිරු ශතක රැස් කරයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රිඩාංගනයේදී අද ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඒ, පළමු දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 291 ක් ලබා ගනිමින්. 

ශ්‍රී ලංකා අරම්භක පිතිකරුවන් යුගල වන නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න, යළිත් සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 209 ක සබඳතාවක් ගොඩ නැගුවා. දිමුත් කරුණාරත්න ලකුණු 118 යි. ඔහු ටෙස්ට් ලකුණු 5,000 සීමාව ද අද පසුකර යාමට සමත්වුණා. නොදැවී පන්දුවට පහරදෙන ලහිරු තිරිමාන්න ලකුණු 131 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40 ක් ලබා සිටිනවා.

මෙම තරගයේදී දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.