Thursday, May 16, 2024

General line - 0115112241

දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL තරගාවලියේ සිය ස්ථාන තහවුරු කර ගනියි




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය ස්ථාන තවදුරටත් තහවුරු කර ගැනීමට දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් ඊයේ සමත්වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සිය පස්වන ජයග්‍රහණය ඊයේ වාර්තා කළේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.

ඒ අනුව තරග 07 න් 05 ක්ම ජයගෙන ඇති දිල්ලි පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියා. 

තරගාවලියේ ඉදිරිය පිළිබඳ අවදානමක සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පැමිණියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගය ජය ගනිමින්. ඒ අනුව ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 06 න් 03 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පැමිණියා.