Friday, May 3, 2024

General line - 0115112241

දිනෙන් දින වාර්තා අලුත් කරන මෙරට කොවිඩ් ආසාදිතයින්




අද දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ඒ අනුව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා. පිට පිට 05 වන දිනයටත් මෙරටින් ආසාදිතයින් 1,500 ඉක්මවා වාර්තා වුවා.

අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113,676ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 14,771ක්.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 709ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.