Friday, May 3, 2024

General line - 0115112241

රුසියානු ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රා තොගය දිවයිනට

ටී කේ ජී කපිල




රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය රැගත් ගුවන් යානය අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් මෙරටට ළගා වුණා. රුසියාවේ ගැමලියා ආයතනයෙන් ශ්‍රී ලංකාව ඇණවුම් කර ඇති ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා තොගයෙන් එන්නත් 15,000 ක තොගයක් එලෙස මෙරටට රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් QR 1668 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවයි කටුනායක ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එන්නත් තොගය භාර ගැනීම සදහා ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත රථ කිහියක් මගින් එම සංස්ථාවේ ඖෂධ ගබඩා  සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.