Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දීය ධීවරයන් හරහා සිදුවන ජාවාරම් මඩින්න නාවික හමුදාව මෙහෙයුම් දැඩි කරයි




ඉන්දීය ධීවරයින් හරහා සිදුකරන විවිධ ජාවාරම් නතර කිරීම කෙරෙහිද විශේෂ මෙහෙයුමක් දියත් කර ඇතැයි නාවික හමුදාව පවසනවා. ඒ, ඉන්දියාවේ මතුව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවටද ඇති අවධානම සැලකිල්ලට ගනිමින්. මෙවැනි ජාවාරම් හරහා ද ඉන්දීය වෛරසය මෙරටට පැමිණීමේ අවධානමක් ද මතුව ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

ඉන්දිය ජාතිකයින් බෝට්ටු හරහා මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිනීමේ ප්‍රවණතාව සලකා එය වැලැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකිරීමටයි මේ වන විටත් පියවර ගෙන ඇත්තේ. බෝට්ටු මගින් මෙරටට පලා එන පිරිස මෙන්ම ඉන්දීය යාත්‍රා හරහා සිදුවන විවිධ ජාවාරම් හරහා ද ඉන්දීය වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණිමේ අවදානමක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී නාවික හමුදා මධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ මෙවැනි ජාවාරම් මැඩලීමට ප්‍රමුඛ අවධානයක් යොමුකර ඇති බවයි.

රට වටා මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.