Friday, May 3, 2024

General line - 0115112241

ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට (PHOTOS)




රුපියල් අට ලක්ෂ දස දහසක ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 3 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් අදාල පුද්ගලයා කිළිනොච්චිය නගරය දෙසට යමින් සිටියදි සිදුකළ සෝදීසියකදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු හමු වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

සැකකරු වයස අවුරුදු 43 ක තිදරු පියෙකු වන අතර මුදල් නෝට්ටු සමග ඔහුව කිළිනොච්චිය පොලීසිය වෙත බාර දී තිබෙනවා.

අදාල සැකකරුගේ නිවස පොලීසිය විසින් දැඩි ලෙස පරීක්ෂා කොට ඇති අතර ඔහුට මෙම ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු හමු වූ ආකාරය පිළිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා.

සැකකරුව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි.