Saturday, May 4, 2024

General line - 0115112241

නිරෝධායන නීති උල්ලංඝණය කළ යාපනයේ තරුණයින් පොලිසිය වඩා ගෙන යයි  (PHOTOS / VIDEO)

දිනසේන රතුගමගේ




යාපනය නගරයට මුව ආවරණ නොමැතිව පැමිණි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සමග ඔවුන් විශාල ආරවුලක් ඇති කර ගැනීම ගැනීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔසවා ගෙන ගොස් වාහන වල පටවා පොලිසිය වෙත ගෙන ගොස් තිබෙනවා.

කිසිදු අවශ්‍යතාවයකින් තොරව එම තරුණයින් විනෝදයට මෙන් යාපනය නගරයට මෙම තරුණයින් පිරිස පැමිණ ඇති බවයි හෙළිවී ඇත්තේ. 

නිරෝධායන පනත උල්ලංඝණය කරමින් මුව ආවරණ නොමැතිව පැමිණි මේ තරුණයින්ගෙන් ප්‍රශ්න කොට ඔවුන් වරදකරුවන් නිසා අත්අඩංගුවට ගැනීමට යාමේදී යළිත් පොලීසිය සමග බහින් බස් වෙමින් බිම වැතිරී ඔවුන් ඊට විරෝධය පල කරන්නට පටන්ගෙන තිබේ. පසුව පොලිස් නිලධාරීන් ඔවුන්ව ඔසවා ගෙන ගොස් වාහන වල පටවා පොලීසියට රැගෙන ගිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

යාපනය පොලීසිය විසින් මේ තරුණයින් සමග යාපනයේ නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 42 ක්  අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.