Saturday, May 4, 2024

General line - 0115112241

සැත්කම් 25ක් කළ ශිෂ්‍යාවක් උසස් පෙළ ඉහලින් සමත් වෙයි




විවිධ අභියෝග රැසක් මැද උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් ලද ප්‍රතිපලය සම්බන්ධයෙන් ඔබ අද සිටින්නේ කුමන මානසිකත්වයකද? ගතවූ වසරක කාලය පමණක් නොව උපන් දා සිට ජීවිතයේ අභියෝග රැසක් පසුකරමින් උසස් පෙළ ලියා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉහළ දක්ෂතාවක් දැක්වූ ශිෂ්‍යාවක් නෙත් ගුඩ් නිවුස් අපට මුණ ගැසුණා.

උපතින්ම ආබාධිත වූ නමින් වත්සලා කුමාරි නම් වූ මෙම දිරිය දියණිය මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ සැත්කම් 25 කින් පසුවයි.

මේ, ඇගේ කතාවයි.

ජීව විද්‍යා අංශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ 21 වන ස්ථානයට පත්විමට තම දියණිය දැරූ උත්සහය පිළිබඳ වත්සලාගේ මව අපට කීවේ මෙවන් කතාවක්.

විවිධ අභියෝග මැද සිය ඉලක්ක අතහරින බොහෝ දෙනාට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වත්සලා කුමාරි සිසුවිය ආදර්ශයක් නොවන්නේද?