Friday, May 3, 2024

General line - 0115112241

චීනයෙන් මෙරටට තවත් වෛද්‍ය උපකරණ තොගයක්




කොරෝනා රෝගීන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය තවත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ස්වසන ආධාරක උපකරණ 25 ක්, ඔක්සිජන් බහාලුම් 200 ක්, විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර් දස දහසක් ඇතුළු උපකරණ රැසක් ඒ අතරට අයත් වනවා.