Friday, May 3, 2024

General line - 0115112241

සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි 




පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක අතර ද ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට හැකියාවක් ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.