Friday, May 3, 2024

General line - 0115112241

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතව සිට පැමිණි අයෙකු අත්අඩංගුවට




ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් යොදාගෙන විදෙස් ගතව සිට නැවත මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2007 වසරේ මහනුවර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් සියයක් සමග අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටියදී අදාළ සැකකරු විදෙස්ගත වි තිබෙනවා.

ඒ අනුව විත්තිකරුව නොමැතිව එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුට අධිකරණයෙන් මරණ දඩුවම නියම කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

වසර 11 ක පමණ කාලයක් පොලීසිය මඟහරිමින් නිදැල්ලේ සිටි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ටයර් හන්දිය අසලදීයි.

43 හැවිරිදි අදාළ සැකකරු මහනුවර, නත්තරන්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද දින අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.