Friday, May 3, 2024

General line - 0115112241

විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා




විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ, හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ අංශ දෙකක් තාවකාලිකව වසා දැමුණු බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම අංශවල කාර්ය මණ්ඩල මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා තිබෙනවා.

ප්‍රධාන කාර්යාලයේ නිලධාරියකු ඇතුළු කාර්ය මණ්ඩලයේ එකොළොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් වන සේවකයන් පනස් එක් දෙනෙකු ද නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ හේතුවෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් සිදුවිය යුතු රාජකාරිමය කටයුතු කොළඹ කළුතර, ගම්පහ ප්‍රාදේශීය කාර්යාලවලින් සිදුකරදීමටයි කටයුතු යොදා ඇත්තේ.