Tuesday, May 7, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි කඩකළ 435 දෙනෙකු අත්අඩංගුවට




මුව ආවරණ පැළද නොසිටීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම යටතේ පුද්ගලයන් 435 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් ගණන 8,299 ක්.

මේ අතර නිරෝධායන රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සදහා බස්නාහිර පළාතේ ආයතන 2,045 ක් ඊයේ දිනයේ පොලීසිය විශේෂ පරීක්‍ෂාවකට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.