Saturday, May 4, 2024

General line - 0115112241

ජපානයට එන චීන සරණාගතයන්ගේ කැපීපෙනෙන වැඩිවීමක්




ජපානයේ සරණාගතභාවය පතා එන චීන ජාතිකයන්ගේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2020 වර්ෂයේදී ජපානයේ සරණාගතභාවය ලබා ඇති විදේශිකයන්ගෙන්  හතරෙන් එකක්ම චීන ජාතිකයන් බවයි.

ආගමික සුලුතරයට අයත් පිරිස් සහ විරැද්ධ දේශපාලන මත දරන්නන් මෙලෙස සරණාගතභාවය පතා ජපානයට පැමිණෙන අය අතර ප්‍රධාන වන බව ජපාන සහන සේවා සංවිධාන ප්‍රකාශ කරයි.

එයිනුත් ෂින්ජියෑන්ග් ප්‍රාන්තය කේන්ද්‍රකරගෙන ජීවත්වන උයිගුර් සුලුතරයට අයත් පිරිස අධික බවද එම සංවිධාන සදහන් කරයි.

සාමාන්‍යයෙන් සංචාරක වීසා ලබාගෙන ජපානයට පැමිණෙන චීන ජාතිකයන් පසුව සරණාගතභාවය පැතීම ජනප්‍රියම ක්‍රමයයි.

කෙසේවෙතත් 2020 වර්ෂයේදී මෙම වර්ධනය දැකගත හැකිව ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ජපානය විසින් සංචාරක වීසා ලබාදීම අත්හිටුවා තිබියදී වීමද විශේෂත්වයක් බව ජපාන බලධාරීහු සදහන් කරති.