Friday, May 17, 2024

General line - 0115112241

විදේශිකයින්ගේ සියලු වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය දින 60 කින් දීර්ඝ කෙරේ




කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා සෙසු කාර්යාල සඳහා පැමිණෙන සේවා ලාභීන් සීමා කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සිය සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර අදාළ කාර්යාල දුරකථන ඔස්සේ අමතා හෝ විද්‍යුත් ලිපින හරහා සම්බන්ධ වන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ. 

මේ අතර පවතින තත්ත්වය සලකා මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ සියලු වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය මැයි මස 11 වනදා සිට ජූලි 09 වනදා දක්වා දින 60 කින් දීර්ඝ කර තිබෙනවා. 

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් අත්හිටුවා තිබූ සේවා මැයි මස 17 වනදා සිට සංචරණ සීමාවන්ට යටත්ව ආරම්භ කිරීමටයි මේවනවිට තීරණය කර ඇත්තේ. 

මේ අතර කතරගම දේවාල භූමියට පැමිණීමෙන් වළකින ලෙස බැතිමතුන්ට අද දැනුම් දුන්නේ මහා දේවාලයේ රාජකාරී කළ පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. 

සූම් තාක්ෂණය ඔස්සේ දේව ගැතිවරයෙකු වැල්ලම්පිටියේ නිවෙසක පැවැත්වූ දේව මෙහෙයකට සහභාගී වී ඇති කාන්තාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුවතක් වාර්තා වනවා.