Wednesday, May 15, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් පසු අසරණ වූ එළවළු ගොවීන්ට විසඳුමක්

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




සිය අස්වනු රැගෙන පෑලියගොඩ මැනිං වෙළඳපලට හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවීන් හා වෙළෙන්දන් අද අලුයම සිට පත්වූ දැඩි අපහසුතා පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු ගොවීන්ට සහ වෙළඳුන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමට පහසුකම් සැලසී තිබෙනවා.

නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පලමුවරට රටට හෙළි කළේ දහඩිය මන්සියෙන් වගාකර ගත් සිය අස්වනු නෙලා පෑලියගොඩ මැනිං වෙළඳපලට රැගෙනවිත් තිබූ ගොවීන්ට ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව අසරණ වී සිටින බවයි. පසුව කළ සොයා බැලීමකදී හෙළි වුණේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද ඇත්තේ මීට සමාන තත්ත්වයක් බවයි. පෑලියගොඩ, මත්ස්‍ය වෙළඳපලේ පැවතුනේ ද මීට සමාන තත්ත්වයක්. 

මෙම ගැටළුව සම්බන්ධයෙන් විමසීමට බලධාරීන් සම්බන්ධ කර ගැනීමට  දැරූ උත්සහයන් ව්‍යර්ථවීමත් සමග නෙත් නිවුස් ඒ පිළීබඳ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුවත් කළා. ඒ අනුව පෑලියගොඩට රැගෙනවිත් තිබූ කෘෂි අස්වනු අලෙවි කර ගැනීමට පහසුකම් සැලසීමට පියවර ගැනුණා.  

පවතින ගැටළුව හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙනවිත් තිබූ එළවළු කිලෝ ලක්ෂ 5 ත් 7 ත් අතර ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමකට මුහුණ පා තිබුණා. ඒ අනුව රජය තීරණය කර ඇත්තේ අද දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ සියලු එළවළු තොග මිලදී ගැනීමටයි. 

මේ ඒ වෙනුවෙන් ගන්නා ඉදිර පියවර පිළීබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්. 

සංචරණ සීමා පනවා තිබුණද, සිය අස්වනු අලෙවි කිරිමට රැගෙන යාමට ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට බාධාවක් නොමැති බවයි බලධාරීන් පැවසුවේ.