Thursday, May 16, 2024

General line - 0115112241

ආසාදිතයින් ඉහළ ගියහොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවිය හැකියි - හිටපු අගමැති කියයි




වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකිරීමට ආණ්ඩුව දැන් හෝ කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඔහු 
ඒ බව අවධාරණය කළා.  

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.