Thursday, May 16, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිත ගර්භනී මවක් මියයයි : වෛද්‍යවරුන් බිලිඳාගේ ජීවිතය බේරා ගනියි




කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි 28 හැවිරිදි ගර්භනී මවක් කුරුණෑගල රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය සිය පළමු දරු ප්‍රසුතිය සඳහා සුදානම් වී සිට තිබෙනවා.

මෙම කාන්තාව සිය දරුවා ලැබීමට ආසන්න වෙත්ම නිකවැරටිය රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී ඇය දිගින් දිගටම අපස්මාරය රෝගයෙන් පෙලීම නිසා කුරුණෑගල රෝහලට මාරුකොට ඒවා තිබෙනවා.

කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බවට හෙළිවී ඇති අතර පසුව ඇය කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. එහිදී මෙම ගර්භනී කාන්තාව දරු ප්‍රසුතිය සඳහා සුදානම් වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ද දිගින් දිගටම ඇයට අපස්මාරය රෝගය උත්සන්න වී ඇති බවයි රෝහල් බලධාරීන් පැවසුවේ.

පැවති සංකුලතා හේතුවෙන් මෙම ගර්භනී මව ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ බිලිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. 

මේ වන විට  බිලිඳා සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි කුරුණෑගල රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන කදන්ගමුව ප්‍රකාශ කර සිටියේ.