Wednesday, May 15, 2024

General line - 0115112241

වැසි අඩු වුණත් සුළං තත්ත්වයේ වැඩි වීමක්




ඉකුත් දිනවලට සාපේක්ෂව අද දිනයේ වැසි තත්ත්වයේ අඩු වීමක් පෙන්නුම් කළද ඇතැම් ප්‍රදේශවලට වැසි හා තද සුළං තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද පස්වරුවේ  හෝ රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශවල වැසි ඇති විය හැකි බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මුහුදේ කාලගුණය පිළිබඳව අදහස් දැක්වු කාලගුණය අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක්ද කළා.

රට තුළ ව්‍යාප්ත වී ඇති කොරෝනා අවදානම මධ්‍යයේ පීඩාවට පත් ජනතාවට සහන සලසන ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවුස් වෙත මෙලෙස අදහස් පල කළා.