Thursday, May 16, 2024

General line - 0115112241

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගෙනා එළවලු නොමිලේ බෙදයි : ඇමති බන්දුල පිටකොටුවේ නිරීක්ෂණ චාරිකාවක




දිවයිනට පනවා ඇති සංචරණ සීිමා ලබන 17 වනදා අළුයම 04.00 දක්වා ක්‍රියාත්මකයි. කෙසේවෙතත් සංචරණ සීමාවන් ද නොතකමින් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු රැගෙනයාම සඳහා ඊයේ රාත්‍රියේ දහසකට අධික පිරිසක් දිගු පෝළිම් වල සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් තිබූ ලක්ෂ 12 ක පමණ එළවළු තොග මිලදී ගැනීමට ගැණුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය එම එළවළු තොග නොමිලේ ජනතාවට බෙදාදීම හේතුවෙන්. ලබන සඳුදා දින තෙක් යළි එළවළු තොග ලබා නොගැනීමටත්, වෙළඳසැල් වසා දැමීමටත් තීරණය කළ බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය සඳහන් කළේ.

මේ අතර පෑලියගොඩ මැනිං වෙළඳපලේ ද අද දිනයේ වෙළදාම් සැලකිය යුතු අයුරින් සිදු නොවූ බවයි සීමාසහිත සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්ථීක මධ්‍යස්ථාන හා මැනිං වෙළද සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන පැවසුවේ.

කෙසේවෙතත් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ සැලකිය යුතු ලෙස මත්ස්‍ය තොග වෙළදාම සිදු වූ බවයි එහි ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර පිටකොටුවේ තොග වෙළදපොලෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට දිනයේ සියලු තොග වෙළදුන්ට අවසර ලබා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. තමන්ට අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර පත්‍රයක් ලබා ගෙන තොග වෙළදුන්ට කොළඹට පැමිණිය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ. පිටකොටුව තොග වෙළඳපොළේ නිරීක්ෂණයකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්්‍ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළා.රට වසා තබන්නැයි විපක්ෂය, රජයට කරන ඉල්ලීම්වලටද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.