Thursday, May 16, 2024

General line - 0115112241

රාජ්‍ය නිලධාරීන්ට එන්නත කඩිනමින් ලබා දෙන්නැයි විෂයභාර ඇමතිගෙන් ඉල්ලීමක්

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




එන්නත්කරණ වැඩසටහනේදී ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය මාණ්ඩලික නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්,  ග්‍රාම නිලධාරීවරුන්ටද ප්‍රමුඛතාව ලබාදිය යුතු බව  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා මර්ධන එන්නත ජනතාව සමඟ සෘජුව කටයුතු කරන එම පාර්ශව වෙත ලබා දිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යවරියට ද ලිඛිතව දැනුම් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.