Thursday, May 16, 2024

General line - 0115112241

දකුණේ ලංගම සේවකයින් 12 දෙනෙකුටත් කොරෝනා




ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාතේ සේවය කරන බස්රථ සේවකයින් 12 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා.

දකුණු පළාත් ප්‍රාදේශීය කළමණාකරු ආර්.වි ප්‍රභාත් කුමාර පැවසුවේ එම පිරිස බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් බවයි.

ඉන් තුත් දෙනෙකු ගාල්ල ඩිපෝවේ සේවකයින් 03 වන අතර තවත් අයෙක් හක්මන ඩිපෝවේ සේවය කරනු ලබනවා.

අනික් බස් රථ සේවකයින් වාර්තා වී ඇත්තේ ඇල්පිටිය සහ  අකුරැස්ස ලංගම ඩිපෝවලින් බවයි දකුණු පළාත් ප්‍රාදේශීය කළමණාකරු ආර්.වි ප්‍රභාත් කුමාර පැවසුවේ.

සියලු ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කළ බවත් තවත් සේවකයන් පිරිසක් නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.