Wednesday, May 15, 2024

General line - 0115112241

ගුවන් මගීන්ට මෙරටට ඇතුල්වීම දින 10කට අත්හිටුවයි 




වත්මන් කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි මස 21 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය අතරවාරයේදී කිසිදු ගුවන් මගීයෙකුට මෙරටට ඇතුල්වීමට අවසර හිමිනොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා.

කෙසේවෙතත් මෙරටින් පිටත් වන ගුවන් මගීන් සදහා සැලසුම් කළ පරිදි සේවාවන් සපයනු ඇති. එමෙන්ම අදාළ කාලසීමාව තුළ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට මෙරටට පැමිණීමට අවස්ථාව සලසා දී ඇති බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවා.

රට තුළ පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හරහා කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රටට ඇතුළුවීම වැළැක්වීමටයි එම තීරණය ගෙන ඇත්තේ.