Tuesday, May 14, 2024

General line - 0115112241

එජාපය පාර්ලිමේන්තුව සහ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරනවා - හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන




එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් මේ රටේ පාර්ලිමේන්තුව සහ ජනතාව වෙනුවෙන් අප යුතුකම ඉටු කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොළඹ වරාය නගර ආර්ථික නගර කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට හොර රහසේ ගෙන ඒමට සැලසුම් කළ බවත් ඒ ක්‍රියාදාමයෙන් ඉතාමත් පැහැදිළි බවයි.

අප 2015 ජනවාරි 08 දින රජය ලබා ගන්නා විට චීනයට සින්නකරව ලබා දී තිබුණු පෝර්ට් සිටි ඉඩම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ චීනයට ගොස් චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට එය අපේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූලව 99 අවුරුදු බද්දකට යටත් කර රජයේ ඉඩම් ආඥා පනතේ 60-30 වගන්තිය ප්‍රකාරව රජයේ භූමිය යන්න ගොඩබිමත් එමෙන්ම මුහුදු සීමාව තුළ අයිති ශ්‍රී ලාංකික භූමියත් ගොඩ කිරීමට නැවත 2016 මැයි 05 දින හෙක්ටයාර 269 කින් යුත් භූමියගොඩකර රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට අනුව අදාල අමාත්‍යංශ සහ ව්‍යවස්ථාපිත ආයතන හරහා මහ නගර සභා සංවර්ධන කටයුතු යටතේ මෙගා පොලිස් ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කළ බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව 2019 අප්‍රේල් මස 05 දින අමාත්‍ය මණ්ඩල සංදේශයකට සහ 2019 අප්‍රේල් මස 30 දින කොළඹ වරාය නගර භූමිය 1955 අංක 22 දරණ පරිපාලන දිස්ත්‍රික් පනතේ 3 වන වගන්තියට ප්‍රකාරව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුලත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු යෝජනාව සම්මත කර ගත් බවද හිටපු ආමාත්‍යවරයා සඳන් කරනවා.

ඉන් අනතුරුව 2019 හය වන මස 11 දින DO/DSO/370 දරණ අනුරේඛ නිරූපණය කර බස්නාහිර පළාතේ කොටසක් ලෙස සහ කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස කොළඹ වරාය නගරය හෙක්ටයාර 446.6153 සමන්විත භූමිය ශ්‍රී ලංකා භූමියේ කොටසක් ලෙස එවකට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මා විසින් ගැසට් කර ශ්‍රී ලංකා භූමියේ කොටසක් ලෙස ජනතාව වෙත දැනුම් දෙන ලදී.

ඊයේ (18) දිනයේ ප්‍රකාශයට පත් කළ තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට රට වෙනුවෙන් ඉදිරිපත් වූ සියළු දෙනා නිවැරදි බව සානථ වී ඇත.

මෙම පනතේ වගන්ති 74 කින් වගන්ති 29 ක් සංශෝධනය කිරීමට, ඉවත් කිරීමට, තුනෙන් දෙකක පාර්ලිමේන්තු සම්මතය ලබා ගැනීමට සහ ජනමත විචාරණය සඳහා ඉදිරිපත් කරන වගන්ති 11 ක්ද , ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දීමෙන් ශ්‍රීලාංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් සහ එම බලතල සියල්ලක් ආරක්ෂා ඇති බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

තවද එක්සත් ජාතික පක්ෂය රට විකුණන පක්ෂයක් නොවන බවත් එජාපය ආයෝජනයට අවස්ථා සොයන පක්ෂයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩිදුරටත් පෙන්වා දෙනවා.