Wednesday, May 15, 2024

General line - 0115112241

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 5 ක ප්‍රදානයක්




තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 5 ක් මෙරටට ප්‍රදානය කිරීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. එම එන්නත් තොගය මෙම මාසය අවසන්වීමට පෙර මෙරටට ලබාදෙන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.

මීට පෙරද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් මෙරටට ප්‍රදානය කිරීමට චීන රජය පියවර ගත්තා. ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.