Thursday, May 16, 2024

General line - 0115112241

නිරෝධනය වෙමින් සිටි අයෙකු දරුවන්ගේ ඉල්ලීමකට, ආහාර රැගෙන ඒමට ගොස් මරු දකී




බරපතළ ලෙස තුවාල සිදු වූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී  (17 ) රාත්‍රියේ   සොයාගෙන  ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි, 49 හැවිරිදි  වරායේ රැකියාවක් සිදු කරන අයෙකු බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා ඇතුළු පවුලේ සැම නිරෝධනය වෙමින් සිටි බව සදහන්.

සිද්ධිය වූ දින මියගිය පුද්ගලයා දරුවන්ගේ ඉල්ලිමකට ⁣වෙළඳ සැලකින් ආහාර රැගෙන යාම සඳහා වැලිගම නගරයට පැමිණි බවට තොරතුරු සඳහන් වනවා.

කෙසේ නමුත් කිසියම් පුද්ගලයකු සමග බහින් බස් වීමකින් අනතුරුව පුද්ගලයකු විසින් මොහුට පහරදීමක් සිදුකර තිබෙන බවද පොලිසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන්  සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ හිසට සහ ශරිරයට දැඩිලෙස තුවාල සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

කෙසේ නමුත් මියගිය පුද්ගලයා පැමිණි බවට සැලකෙන යතුරු පැදියක් ද මෙම මෘත ශරීරයට ආසන්නයේ නවතා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ස්ථානය අවට සවිකර තිබූ  සි.සි.ටි.වි. දර්ශන මත අනාවරණය වි ඇත්තේ පෞද්ගලික බස්රථයක් මගින් මෙම පුද්ගලයා යටකරගෙන බස්රථය පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධියට අදාළ බස් රථය සහ එහි රියදුරු වැලිගම කඹුරුගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම මරණයට හේතුව මනුෂ්‍ය ඝාතනයක් ද එසේ නොමැති නම් රිය අනතුරක් යන්න සම්බන්ධයෙන් මෙවන විට විමර්ශන කටයුතු සිදු වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) මාතර මහ රෝහලේ සිදුකිරීමට නියමිතයි.