Wednesday, May 15, 2024

General line - 0115112241

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ වල ගාස්තු නියාමනය සදහා අවධානය




මෙරට සිදු කරන පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ වල ගාස්තු නියාමනය සදහා අවධානය යොමුව ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණවල මිල පාලනය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරන බවයි.

මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ වර්ග 7,200 අතරින් භාණ්ඩ වර්ග 6,000 කට වැඩි සංඛ්‍යාවක් කිසිදු පරීක්ෂාවකින් තොරව වෙළදපොළට මුදා හැරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.

එමෙන්ම ඉදිරියේදී මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩවල මිල සම්බන්ධයෙන් ද තීරණයක් ගැනිමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.  

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7 යි 30 සිට ප්‍රචාරය කෙරෙනවා.