Thursday, May 16, 2024

General line - 0115112241

නීතිපතිවරයාගෙන් පොලිස්පතිවරයාට මාර්ගෝපදේශ මාලාවක්




වැරදි කිහිපයක් සඳහා බන්ධනාගාර ගත වූවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, පවතින කොවිඩ් අවදානම හමුවේ බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින්. අධිකරණ අමාත්‍යංශයේ ලේකම් හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම මත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා. 

මේ අතර අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථවලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබෙනවා. මහා මාර්ග අමාත්‍යංශය පැවසුවේ අද සිට යළි දැනුම්දෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක බවයි. 

මේ අතර ජාතික අක්ෂි රෝහලෙන් ප්‍රතිකාර හා සේවාවන් ලබා ගැනීමේදී දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යංශය අද පැවසුවා.