Tuesday, May 14, 2024

General line - 0115112241

සංචරණ සීමා සමග අද සිට ආර්ථික මධ්‍යස්ථානත් වැසෙයි




අද රාත්‍රී 11 සිට ලබන 25 වනදා අලුයම 04 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පනවනවා. කෙසේවෙතත් එදිනම රාත්‍රී 11 සිට ලබන 28 වනදා අලුයම 04 දක්වා සංචරණ සීමා පනවන බවයි පොලීසිය පැවසුවේ. 

මෙලෙස දිවයින පුරා සංචරණ සීමා පැනවීම සිදු කළ ද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉන් බාධාවක් නොමැති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. එහෙත්, එම පුද්ගලයින් සතුව තම අත්‍යවශ්‍ය සේවාව තහවුරු කිරීම සඳහා රාජකාරී හැඳුනුම්පතක් හෝ ලිඛිත අවසර පත්‍රයක් තිබිය යුතුයි. 

පොලීසිය පැවසුවේ සංචරණ සීමා පනවන ලද කාලසීමාව තුළ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බවයි. කෙසේවෙතත් සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවලදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමටයි තීරණය කර ඇත්තේ. ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශශේන්ද්‍ර රාජපක්ෂගෙන් විමසීමක් කළා.

පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථාන සඳහා භාණ්ඩ රැගෙන එන ලොරි අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා අවසර ලබාදිය යුතු බවයි. එහෙත් එම ලොරි සඳහා ගමන් කිරීමට අවසර ඇත්තේ 24, 26 සහ 27 යන දිනවල පමණයි.