Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ




2021 මැයි 07 දින සිට මැයි 20 දක්වා සිදුව ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව බවයි සඳහන් වන්නේ.

මියගිය පුද්ගලයින් උඩුකිඳ, ලුණුගල, බලංගොඩ, කටුනායක, බාඳුරුගොඩ, කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බොරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙල, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පත්තුව හා හබරාදුව යන ප්‍රදේශවලින් වාර්තා වනවා.

මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර 19ක් පිරිමි පුද්ගලයින්.

මියගිය අය අතර 24 දෙනෙකු වයස අවුරුදු 77 ඉක්මවු පුද්ගලයින් වන අතර, වයස අවුරුදු 61 - 70ත් අතර පුද්ගලයින් 10ක් සිටී.

වයස අවුරුදු 51 - 60ත් අතර එක් අයෙක් ද, වයස අවුරුදු 41 - 50ත් අතර එක් අයෙක් හා වයස අවුරුදු 31 - 40ත් අතර පුද්ගලයින් දෙදෙනෙක් වනවා.

මොවුන්ගේ මරණවලට මුලික හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව, හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ආශ්‍රිත සංකූලතා වන බවයි සඳහන් වන්නේ.