Tuesday, May 14, 2024

General line - 0115112241

නිරෝධනය වෙමින් සිටියදී දරුවන්ට ආහාර රැගෙන ඒමට ගොස් මියගිය පුද්ගලයාගේ සිද්ධියට අදාලව පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට




වැලිගම නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොලට ආසන්නව පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධව රාජකාරි පැහැර හැරිම යටතේ වැලිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 17 දින වැලිගම බස් නැවතුම්පොළට ආසන්නව මිදිගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි  පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එහිදී අනාවරණය වි ඇත්තේ මෙම පුද්ගලයා ඇතුළු පවුලේ සැම නිරෝධාන වෙමින් සිට ඇති බවත් මියගිය පුද්ගලයා ආහාර රැගෙන ඒම සඳහා එදින රාත්‍රියේ   වැලිගමට නගරයට පැමිණි බවයි.

කෙසේ නමුත් එම මෘත ශරීරය තිබු ප්‍රදේශය අවට  සි.සි.ටි.වි කැමරා දර්ශන අනුව සිදුකළ විමර්ශන මත අනාවරණය වී ඇත්තේ  මෙම පුද්ගලයා මතින් පෞද්ගලික බස් රථයක් ද ධාවනය වී පලා ගොස් ඇති බවයි.

මෙම මතෘ ශරිරය ආසන්නව මියගිය පුද්ගලයා පැමිණි යතුරු පැදිය ද හමුව තිබෙනවා.    

තවදුරටත් සිදුකළ විමර්ශන මත අනාවරණය වි ඇත්තේ පුද්ගලයකු විසින් මියගිය පුද්ගලයාට පහරදීමක් ද සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ආපනශාලාවක සේවය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා මතින් ධාවනය වූ බස් රථය සහ එහි රියදුරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන්ද මීට අදාලව විමර්ශනයක් පැවැත්වෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.